Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 14:54:20 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කළ ශ්‍රමදාන වැඩසටහනට ප්‍රදේශවාසීන් එක්වෙයි 

පසුගිය දිනවල ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාව වෙත අනතුරු ඇඟවීමෙන් අනතුරුව සෙල්වපුරම් සහ කෝපායි ගම්මානවල ජනාකීර්ණ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (23) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය වෙතින් ලබාදුන් උපදෙස් මත 51 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් විසින් ක්‍රියාවට නංවන ලදී.  

යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාවට නැංවු තවත් එක් ව්‍යාපෘතියක් වන මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශවාසීන් 25 කට අධික පිරිසකගේ සහයෝගය හිමිවිය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම ශ්‍රමදාන වැඩසටහන එම සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කෙරිණි.