Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 14:55:49 Hours

යුද්ධ හමුදා භටපිරිස් නිෂ්පාදනය කළ කාබනික පොහොර කුඹුරු අස්වැද්දීම සඳහා භාවිතයට

කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියට සමගාමීව එම බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (22) දින ඇල්ල - කන්තලේ ප්‍රදේශයේ දී සම්ප්‍රදායික වත් පිළිවෙත් වලට අනුකූලව කුඹුරු යායක් අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ. හේවාවසම් ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සී.එස්. දේමුනි සමඟින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන මේජර් ජී.ඩබ්ලිව්.ඊ.අයි. සේනාධීර සහභාගී වූහ.

ආගමික වතාවත් වලින් අනතුරුව නිලධාරින් සහ සෙසුනිලයින් විසින් වී වැපිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.