Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 14:54:49 Hours

542 වන බලසේනාවේ භටපිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනකට එක්වෙයි

ප්‍රදේශය පුරා සීඝ්‍රයෙන් පැතිරයන ඩෙංගු වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් එක්ව මුරුන්කන් මහා විද්‍යාලය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් ඉරිදා (21) දින දියත් කරන ලදී.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ලබාදුන් උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවු මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා එම පාසලේ දරු දැරියන් සහ දෙමාපියන් ද සිය සහයෝගය ලබාදුන්නේය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 542 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 542 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි, පාසලේ විදුහල්පතිතුමන්, ගුරුභවතුන් සහ දෙමාපියන් එක්වූහ.