Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 09:40:58 Hours

1 වන බලකායට ආශිර්වාද පතා ආශිර්වාද පූජා

පසුගිය දා ස්ථාපිත කළ යුද්ධ හමුදා 1 වන බලකායේ භටපිරිස් විසින් එම බලකායේ ධජයට සහ 1 වන බලකායට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුළ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහ බෝධිය සහ මිරිසවැටිය පුදබිම් වලදී ආගමික වතාවත් පැවැත්වූහ.

අලංකාරවත් පෙරහැරක් මඟින් 1 වන බලකා ධජය චෛත්‍යය වෙත ගෙන ඒමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් 1 වන බලකා ධජයට සහ එම බලකායේ සාමාජිකයින් වෙත ආශිර්වාද එක්කළහ. පසුව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බෝධි පූජාවක් සහ නාථ දේවාලයේ විශේෂ දේව පූජාවක් ඇතුළු ආගමික වතාවත් සිදුකරමින් සෙත්පැතීම සිදුකරන ලදී.

මෙම සියලු ආශිර්වාද උත්සව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම බලකායේ බලකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ. ඕනෑම හදිසි අවස්ථාවකදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම අවස්ථාවන්ට මුහුණු දීමේ අරමුණින් යුද්ධ හමුදා 1 වන බලකාය 2021 ඔක්තෝබර් මස 17 දින ස්ථාපිත කරන ලදී.  

එමෙන්ම, 2021 නොවැම්බර් මස 9 දින මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු 1 වන බලකායේ සාමාජිකයින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී එම ධජයට සහ එම බලකායේ සාමාජිකයින් වෙනුවෙන් සෙත්පතා ආශීර්වාද පූජාවක් පැවැත්වූහ.  

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී පැවති මෙම ආශිර්වාද පූජාව සඳහා 1 වන බලකායේ භටපිරිස්, 8 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ, 1 වන බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රභාත් කොඩිතුවක්කු ඇතුළු තවත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.