Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2021 16:00:58 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකායේ භටපිරිස් අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙති

එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකාය වෙතින් එම ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් විපතට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී. එ අනුව, භටපිරිස් විසින් පසුගිය බදාදා (17) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පීඩාවට පත් පවුල් වෙනුවෙන් වියළි සලාක පාර්සල් 100 ක් බෙදාදුන්හ.    

මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී විය. මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සේනක සෙනෙවිරත්න මහතා විසින් දැක්වූ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත බෙදාදුන් මෙම වියළි සලාක පාර්සල් හාල්, පරිප්පු, මිරිස්, කිරිපිටි, කුළුබඩු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත විය.