Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 16:19:15 Hours

පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව 121 වන බලසේනා මුලස්ථානය අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මොණරාගල, වෙල්ලස්ස ග්‍රාම නිලධාරි වසමේ පදිංචි අඩු ආදායම්ලාභි වයි.එම්. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉදිකල නව නිවස ඉකුත් සඳුදා (15) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදෙන ලදී.

121 වන බලසේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් වයි.එම්. ජයරත්න මහතාගේ පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකරදෙන ලදී.

මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්ශාන් ගුණසේකර මැතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.යු.එන්. සේරසිංහ සහ නිවාසලාභි පවුලේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.