Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 13:30:19 Hours

මුලතිව් ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සංජය වනසිංහ නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ පුනරීන් පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා මුලස්ථාන හා ඒකකයන්වල සංචාරයක නිරත විය.

66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සංජය වනසිංහ, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගෝ විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව 20 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව, 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සිදුකරමින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළේය.

66 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් සංජය වනසිංහ එහිදි භටපිරිස් ද ඇමතූවේය. ඉන් පසුව මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 66 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ඉන් අනතුරුව, 661 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරතවූ මේජර් ජෙනරල් සංජය වනසිංහ එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීප්ති ආරියසේන විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් පසුව, 662 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරතවූ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමින්ද දයාවංශ විසින් පිලිගත්හ.

එසේම, 663 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත මේජර් ජෙනරල් සංජය වනසිංහ එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ජිත් හැන්නදිගේ විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් පසුව, 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සහ 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සිය දෙදින සංචාරය නිමාකරමින් අලිමංකඩ පිහිටි ‘කෝප්‍රල් ගාමිණී කුලරත්න’ ස්මාරකය ද නිරීක්‍ෂණය කළේය.