Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 19:42:32 Hours

ආපදා කළමනාකරණය පිළිබඳ භටපිරිස් දැනුවත් කෙරේ

ගංවතුර, ස්වභාවික ව්‍යසන හෝ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අභියෝගයකට මුහුණදීමට පැය විසිහතර පුරාම සුදානම්ව සිටින යුද්ධ හමුදා භටපිරිස් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම සහ පුහුණු වැඩමුළු පැවැත්වීම අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සංකල්පයකට අනුව ‘ශ්‍රී ලංකාවේ ආපදා සඳහා පෙර සුදානම සහ ආපදා අවම කිරීම’ යන මැයෙන් එක්දින වැඩමුළුවක් එම ආරක්‍ෂක සේනා මුලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් බදාදා (17) දින සංවිධානය කරන ලදී.

ආපදා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා (අපදා අවම කිරීම්, පර්යේෂණ හා සංවර්ධන අංශය) අනෝජා සෙනෙවිරත්න මෙනවිය සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හමුදා සම්බන්ධීකාරක කපිතන් එන්.එච්.එස් පෙරේරා විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර මාණ්ඩලික නිලධාරින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් පිරිසක් සහභාගි වූහ.