22nd November 2021 10:00:04 Hours
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී අද (21) දින පැවැති විසිරයාමේ පෙළපාලියෙන් අනතුරුව එම පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නාගරික බාධක තරණ පුහුණු පෙදෙස විවෘත කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කෙරිණි.
විශේෂ බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නාගරික බාධක තරණ පුහුණු පෙදෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී. මෙම නාගරික බාධක තරණ පුහුණු පෙදෙස, විශේෂ බලකා සෙබළුන්ගේ දරාගැනීමේ හැකියාව, කඩිසර භාවය, ක්‍ෂණික තීරණ ගැනීමේ හැකියාව හා නම්‍යශීලි බව වැඩිදියුණු කරන අතරම විශේෂ බලකා සෙබළුන්ට නව අභියෝගයන්ට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීමට ද මෙය උපකාරී වනු ඇත.
මෙම නාගරික බාධක පුහුණු පෙදෙස විවෘත කිරීමෙන් අනතුරුව එවැනි අභියෝගයන්ට මුහුණදෙන ආකාරය ප්‍රදර්ශනය කරමින් එහි පළමු නිදර්ශනය විශේෂ බලකා සෙබළුන් විසින් ඉදිරිපත් කරන ලදී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට එක්වු විසිරගිය විශේෂ බලකා සෙබළුන්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.