Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2021 09:57:06 Hours

වාර්ෂික කඨින පිංකම පැවැත්වීමට 233 වන බලසේනාවේ භටපිරිස් දායකවෙයි

වාලච්චේනෙයි මහින්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂික ‘කඨින’ පිංකම නොවැම්බර් මස 13 සහ 14 යන දෙදින පුරා පැවැති අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

මෙම කඨින පිංකමේදී සාමණේර භික්ෂුන් වහන්සේලා කිහිප නමක් පැවිදි කිරීම ද සිදුවිය. මෙම පූණ්‍ය උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදෙන ලදී.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් එම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සාර්ථකව පැවැත්වීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.