Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 19:48:04 Hours

652 වන බලසේනාවේ භටපිරිස් පාසල් පරිශ්‍රයක් පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්ට සමගාමීව පලෙයිප්පනි දමිළ විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

ප්‍රදේශවාශීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ. සමරසිරි සහ 652 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවිණි.