Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 15:07:05 Hours

පාසල් පරිශ්‍රයක් පිරිසිදු කිරීමට 233 වන බලසේනාවේ භටපිරිස් එක්වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් විසින් මඩකලපුව, වාකරේ මහා විද්‍යාල පරිශ්‍රය සහ පන්ති කාමර පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන වාකරේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්- හමුදා සුභසාධන වැඩසටහන් වලට සමගාමීව සිදුකෙරිණි.