Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 10:02:03 Hours

ජාත්‍යන්තර මානුෂීයවාදී නීති සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ භූමිකාව පිළිබඳ යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ භූමිකාව, ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර මානුෂියවාදී නීතිය - ජාත්‍යන්තර මානව හිමකම් නීතිය දක්වා සංක්‍රමණය, මානව හිමිකම් පිලිබඳ අත්දැකිම් හා දැනුම හුවමාර කරගැනීම සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි සිදුකිරීමේදී නීතිය බලාත්මක කිරීමේ බලතල, මූලික මුලධර්ම, අත්අඩංගුවට ගැනීම / රඳවාගැනීම, බලය සහ ගිනි අවි භාවිතය ආදී කරුණු පිළිබඳ යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නොවැම්බර් මස 16 සහ 17 දෙදින පුරා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා මෙරට නියෝජිත බ්‍රිගේඩියර් ජැක් ලෙමේ (විශ්‍රාමික) (Brigadier Jacques Lemay) සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා, මානව හිමිකම් සහ මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත මෙම වඩමුළුව පවත්වන ලදී. සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩමුළුව සඳහා 58 වන සේනාංකයේ නිලධාරින් ඇතුළු ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 43 දෙනෙකු සහභාගි වූහ. මෙම වැඩමුළුව අවසානයේ ආරාධිත දේශකයින්ට සමරුතිළිණ ද ප්‍රදානය කෙරිණි.