Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 07:52:15 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් සංජය වනසිංහ, නොවැම්බර් මස 11 වන දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් විශ්වමඩු පිහිටි 572 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරයක නිරත විය.

572 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සංජය වනසිංහ, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල විසින් පිළිගැනීමෙන් අනතුරුව බලසේනාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ නව ආඥාපතිතුමන් දැනුවත් කළහ.  

ඉන් අනතුරුව,  6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරයක නිරත වු නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් තෙරාවිල් සහ විශ්වමඩුකුලම් වැව ඇතුළු 572 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි වැදගත් ස්ථාන කිහිපයක සංචාරයක කළහ.  

මෙම සංචාරය සඳහා 57 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ඇතුළු ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.