Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 09:52:15 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ළමා නිවාසයකට සිය සහයෝගය දක්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ එක්ව ඉකුත් බදාදා (10) දින බණ්ඩාරවෙල ශ්‍රී සඟබෝ ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා ප්‍රණීත ආහාරවේලක් පිරිනැමුවේය.

ළමා නිවාසයේ නේවාසික ළමුන්ට රසවත් පීසා (Pizza) ආහාරවේලක් භටපිරිස් විසින් පිරිනැමුවේය. මෙම අවස්ථාවට එක්වු ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ළමා නිවාසයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සොයාබැලීය. තවද, මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි සහභාගි වූහ.