Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 06:52:15 Hours

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 58 වන සේනාංකයේ සංචාරයක

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ඉකුත් සෙනසුරාදා (6) දින 58 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළහ.

58 වන සේනාංක මුලස්ථානයට සපැමිණි 1 වන බලකායේ බලකාධිපතිතුමන්, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය. එම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් සහභාගි වූහ.  

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට එක්වු බලකාධිපතිතුමන් 58 වන සේනාංකයේ නිලධාරි නිවස්න පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් පසුව, 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එම සේනාංකයේ භටපිරිස් ද ඇමතූවේය.

ඉන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් සහ බලසේනාධිපතිවරුන් විසින් සිය කාර්යභාර්යන් සහ වගකීම් පිළිබඳ සේනාංක මුලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී බලකාධිපතිතුමන් දැනුවත් කළහ. මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සේනාංක මුලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම සංචාරය අවසානයේ සේනාංකාධිපතිතුමන් විසින් 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත විශේෂ සමරුතිළිණයක් ද පිරිනැමුවේය.