Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2021 14:32:34 Hours

පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා 651 සහ 652 වන බලසේනාවල සහය

651 සහ 652 වන බලසේනාවන් යටතේ ස්ථාපිත 10 වන සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු මුලන්කාවිල්, සුභස්තිපුරම් පෙරපාසල, මුලන්කාවිල්, අමල්ගම් පෙරපාසල, පණ්ඩියන්කුලම්, නිදර්ශන පෙරපාසල, නව ජීවන සියෝන් සුබර්නචි සභා පාසල, මුලන්කාවිල්, අම්බපුරම් ශ්‍රාස්වති පෙරපාසල සහ ඉරනමතනගර්, පුනීද සභාමල පෙරපාසල නැවත විවෘත කිරීමට පෙර 2021 නොවැම්බර් මස 9 සහ 10 දෙදින තුල එම විදුහල් සහ පෙරපාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් හා 651 වන සහ 652 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා භටපිරිස් 60 දෙනෙකුට වැඩි පිරිසක් සිය ශ්‍රම දායකත්වය දැක්වූහ. එමෙන්ම, දෙමව්පියන් සහ ප්‍රදේශවාසින් ද මෙම වැඩසටහන වෙනුවෙන් සිය සහයෝගය ලබාදුන්හ.