Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 17:10:10 Hours

යුද්ධ හමුදා භටපිරිස් මන්නන්කන්ඩාල් ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කරති

මන්නන්කන්ඩාල් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තිබූ එම විද්‍යාලය ආරම්භ කිරීමට ප්‍රථම පසුගිය සඳුදා (08) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා දෙමව්පියන්, ගුරුවරුන් සහ විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද යුද්ධ හමුදා භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ.