Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2021 12:32:34 Hours

කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක 

කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මෙහෙයුම් ප්‍රධානී තාරා ෆිවුඩෝරා මොන්ටිගෝමරි (Tara Feodora Montgomery) මෙනවිය පසුගිය බදාදා (10) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූහ.

ඒ අනුව, මෙම සංචාරය සඳහා කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මෙහෙයුම් ප්‍රධානී සමග රතු කුරුස සංවිධානයේ වවුනියාව ශාඛාවේ සභාපති ඉග්නැසියෝ ජැවියර් මාර්ටීන් (Mr Ignacio Javier Martin) මහතා සහභාගී වූවේය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි ඔවුන් දෙදෙනා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම හමුවේදී, යාපනය අර්ධද්වීපයේ භටපිරිස්වල වත්මන් භූමිකාවන්, එහි කර්තව්‍යයන් සහ ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය සහ ආරක්‍ෂාව සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. 

මෙම සංචාරය සනිටුහන් කරමින් කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මෙහෙයුම් ප්‍රධානී තාරා ෆිවුඩෝරා මොන්ටිගෝමරි (Tara Feodora Montgomery) මෙනවිය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවාය.