Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 14:30:10 Hours

සිලාවතුර විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම සඳහා 54 වන සේනාංකයේ සහයෝගය

සිලාවතුර සිහල විජයගම ශ්‍රී විජයතිලක විහාරස්ථානයේ පසුගිය ඉරිදා (07) දින පැවති ‘කඨින චීවර පූජා පිංකම’ සඳහා 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

මෙම කඨින පිංකමට සමගාමීව කඨින පෙරහැර පැවැත්වීම, භික්‍ෂුන් වහන්සේලා 13 නමක් විෂයෙහිලා දානය පූජා කිරීම, එම විහාරස්ථානයේ නව ස්ථූපය සඳහා මුල්ගල් තැබීම සහ විහාරස්ථානය අවට වෙසෙන විවිධ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් ආහාර පාර්සල් 100 ක් බෙදාදීමට කටයුතු කරන ලදී.

541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩබ්ලිව් සුරේෂ් පෙරේරා ගේ ඉල්ලීමකට අනුව 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඇතුළු තවත් පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු මෙම විහාරස්ථානයේ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ සුරතින් එම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබුවේය. මෙම අවස්ථාවට 541 සහ 542 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිත්‍යාගශීලීන් ද එක්වූහ.