Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 15:00:10 Hours

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සහයෝගය

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගය දක්වමින් ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 500 ක තොගයක් ඔක්තෝබර් මස 25 දින භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර ගේ සුරතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත භාරදෙන ලදී.

රසායනික පොහොර භාවිතයෙන් ඇතිවන අන්තරායන් අවම කිරීමේ අරමුණින් සිදුකරනු ලබන ජාතික මෙහෙයුමට දක්වන සහයෝගයක් ලෙස භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකගේ මඟපෙන්වීම යටතේ එම පුහුණු පාසලේ නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ සහයෝගය මත මාස තුනක කාලයක් එම පුහුණු පාසල් පරිශ්‍රයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.