Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2021 21:00:29 Hours

රණවිරු සේවා අධ්‍යක්‍ෂ විශ්‍රාමික රණවිරුවන් හමුවේ

දියතලාව ප්‍රදේශයේ සංචාරයක නිරත රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න පසුගිය සඳුදා (01) දින දියතලාව ගොල්ෆ් සමාජ ශාලා පරිශ්‍රයේදී මොණරාගල, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් රණවිරු සංගම් නියෝජනය කරන හිටපු රණවිරුවන් පිරිසක් හමුවී සිය ඉදිරි සුභසාධන සැලසුම් සහ අනෙකුත් කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව විශ්‍රාමික සහ වෛද්‍ය හේතුන් මත යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ යහපැවැත්ම, සුභසාධන වැඩසටහන්, ප්‍රතිලාභ සැලසීම සහ එම රණවිරුවන්ට අභිමානයක් හා ගෞරවයක් ලබාදීමේ අරමුණින් මෙම රණවිරු සංගමය ස්ථාපිත කර ඇත.

මේ අතර, රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වවුනියාව දිස්ත්‍රික් රණවිරු සංගමය සමඟ සම්බන්ධතාවයෙන් පෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බළලත් නිලධාරි II එම්.එම්. හේරත් බණ්ඩා වෙත රෝදපුටුවක් පරිත්‍යාග කරන ලදී. 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස් ප්‍රියන්තලාල් විසින් මෙම පරිත්‍යාගය නොවැම්බර් මස 5 දින ප්‍රතිලාභියා වෙත භාරදෙන ලදී.

මෙම සුහද හමුවට එක්වූ රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න එම අවස්ථාවට සහභාගී වූ සියලු විශ්‍රාමික රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.