Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 21:40:22 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මිලිමීටර් 30 වර්ගයේ උණ්ඩ යොදාගනිමින් වෙඩි තැබීමේ පුහුණු සැසියකට එක්වෙයි

වසර 7 කට පසුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වෙනුවෙන් ක්ෂේත්‍ර වෙඩි තැබීමේ පුහුණුවක් ඔක්තෝබර් මස 27 සහ 28 දෙදින පුරා කල්පිටිය ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මිලිමීටර් 30 වර්ගයේ උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම සිදුකිරීමේදී එම උණ්ඩයක් බාධකයකින් තොරව කිලෝමීටර් 13 කට වඩා වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව පවතින බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට වෙඩි තැබීමේ පුහුණු කටයුතු සඳහා ඇති අවස්ථාව අහිමි විය.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ක්ෂේත්‍ර වෙඩි තැබීමේ පුහුණුවීම් අඛණ්ඩව අදියර 3 ක් යටතේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර පළමු වෙඩි තැබීමේ සැසිය කල්පිටිය ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩිපිටියේදී නිලධාරින් 15 දෙනෙකු සහ සෙසුනිලයින් 55 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසුරිය ගේ උපදෙස් මත පැවැති මෙම වෙඩි තැබීමේ පුහුණු සැසිය යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් කෝෂින පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂඨ උපදේශක මේජර් එමිල්සන් හපුකොටුව ඇතුළු තවත් උපදේශකයින් කණ්ඩායමක් විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ උපදෙස් මත මෙම වෙඩිතැබීමේ පුහුණු සැසිය සන්නාහ සන්නද්ධ රථ සහ භටපිරිස් ප්‍රවාහනය කිරීමේ සන්නද්ධ රථ ඇතුළු නවීන යුද උපකරණ යොදාගනිමින් සිදුකරන ලදී.