Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2021 20:00:29 Hours

නව සුභසාධක අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 33 වන අධ්‍යක්‍ෂ ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ඉකුත් සඳුදා (01) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාවට සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මීට ප්‍රථම යුද්ධ හමුදා මුලස්ථානයේ සුභසාධක අධ්‍යක්‍ෂ ධූරය හෙබවු බ්‍රිගේඩියර් කනිෂ්ක හෙයියන්තුඩුව පාකිස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක තනතුරට පත්විය.

එසේම, නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ධුරය හෙබවිය.