Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 21:45:22 Hours

1 වන බලකායේ බලකාධිපති 53 වන වන සේනාංකයේ සංචාරයක

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල සංචාරය 53 වන සේනාංක මුලස්ථානයේ සිදුකරන ලදී.

53 වන සේනාංක මුලස්ථානයට සපැමිණි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් පිරිනැමූහ. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඇතුළු බලසේනාධිපතිවරුන්, සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් අණදෙන නිලධාරින් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, 53 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකවල බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් සිය කාර්යභාරය සහ වගකීම් මෙන්ම සිදුකරනු ලබන මෙහෙයුම් පිළිබඳ බලකාධිපතිතුමන් දැනුවත් කරන ලදී. කොමිෂන් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාවේදී භටපිරිස් ඇමතූ බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය. මෙම සංචාරය අවසානයේ 53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුවේය.