Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2021 13:00:04 Hours

10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුල්වල ළමුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරයාම හේතුවෙන් වසාදැමු පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ පාසල්යාමට සුදානම් වන අඩු ආදයම්ලාභි පවුල්වල සිසු දරුදැරියන් වෙනුවෙන් පාසල් උපකරණ තොගයක් මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ අණදීම යටතේ පාලනය වන 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සිය මුල්‍යමය දායකත්වය ඇතිව මිලදීගෙන පාසල් දරු දැරියන් වෙනුවෙන් බෙදාදෙන ලදී.

ඒ අනුව, කොල්ලවිලාන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල දැරු දැරියන් අතර එම පාසල් උපකරණ බෙදාදුන්හ. මෙම වැඩසටහන 652 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.