Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 21:10:22 Hours

විහාරස්ථාන පරිශ්‍රයක් පිරිසිදු කිරීමට 12 වන සේනාංක භටපිරිස්හි සහය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවාව ශාසනාලෝක රජමහා විහාරස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින ප්‍රදේශවාසීන් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරන ලදී.

එම විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම පැවැත්වීමට පෙර 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ අධික්‍ෂණය යටතේ සිදුකරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා එම සේනාංකයේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.