Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 13:53:24 Hours

ආරක්‍ෂක සේනා ආඥපති - මධ්‍යම 12 වන සේනාංකයේ සංචාරයක

පසුගියදා රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සිය ප්‍රථම නිල සංචාරය හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ ඔක්තෝබර් මස 27 සහ 28 දෙදින පුරා සිදුකරන ලදී.

12 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා එම සේනාංකයේ භටපිරිස් ද ඇමතූවේය.

ඉන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම දැනුවත් කිරීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබු මේජර් ජෙනරල් සමන්ත සිල්වා, සියලුදෙනාගේ අනාගත අපේක්‍ෂාවන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

මීට අමතරව, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, ඔක්තෝබර් මස 26 වන දින කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලය වැදපුදා ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවට 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ද එක්ව සිටියහ.