Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 15:50:40 Hours

කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානයේ ආවාසගෙය ඉදිකිරීමට 61 වන සේනාංකයේ භටපිරිස්හී සහය

කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානයේ වැඩවසන මහා සංඝරත්නය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහයුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රම දායකත්වයෙන් ඉදිකල ආවාස ගෙය එම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට සමගාමීව පසුගිය සෙනසුරාදා (06) දින සඟසතු කොට පූජා කරන ලදී.  

අභිනවයෙන් ඉදිකළ ආවාසගෙය සඟසතු කිරීමේ ආගමික උත්සවය සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ, 613 වන බලසේනාවේ බලසේනාධිපති සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි සහභාගි වූහ.

කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ආවාසගෙය යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකර මහා සංඝරත්නය උදෙසා පූජා කරන ලදී.