Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:18:02 Hours

553 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 553 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රයේ පොල්, මී, නා, දං, කුඹුක් සහ කොස් ආදී පැළ 200 ක් රෝපණය කරන ලදී.

පොල් වගා කිරීමේ මණ්ඩලය සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව 553 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කළහ.

මෙම ව්‍යාපෘතිය 55 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 553 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.  

මෙම වැඩසටහන සඳහා 553 වන බලසේනාව යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.