Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:20:02 Hours

යුද්ධ හමුදා භටපිරිස් කල්පේ වැව් බැම්ම පිරිසිදු කරති 

කුඹුරු අක්කර 400 කට සහ ගොවි පවුල් 120 කට මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා පහසුකම් සලසනු ලබන හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි කල්පේ වැවේ වැව් බැම්මේ මීටර් 1300 ක ප්‍රමාණයක් පිරිසිදු කිරීමට භටපිරිස් කටයුතු කළහ. ඒ සඳහා එම ප්‍රදේශයේ ගොවීන්ගේ සහයෝගය ද හිමිවූහ.

623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ ගේ උපදෙස් හා 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ධම්මික හේරත් ගේ අධික්‍ෂණය යටතේ 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 623 වන බලසේනාවට අයත් 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමෙන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ ගොවි මහතුන් 35 දෙනෙකුගේ සහයෝගය ද හිමිවූහ.