Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:08:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා අංක - 10 ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මූලික ආපදා ප්‍රතික්‍රියා පාඨමාලා - අංක 10 පසුගිය බ්‍රහස්පතින්දා (28) දින ආරම්භ කරන ලදී. එම පාඨමාලාවේ ආරම්භක දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් අනිල් සෝමවීර විසින් සිදුකලේය.

මෙම පාඨමාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 1 වන බලකාය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය නියෝජනය කරමින් නිලධාරින් 05 දෙනෙකු සහ සෙසුනිලයින් 136 දෙනෙකු සහභාගී වේ.

මෙම පාඨමාලාව 2021 දෙසැම්බර් මස 20 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. රට තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සමඟ කටයුතු කිරීමේදී හමුදා නිලධාරීන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සහ න්‍යායාත්මක දැනුම ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය ඉමහත් කාර්යභාරයක නියැලෙමින් සිටියි.