Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:15:02 Hours

‘ඉදිරි උපායමාර්ගික සැලැස්මේ හමුදා මූලධර්ම’ (Military Doctrine in Way Forward Strategy) පිළිබඳ අණදෙන නිලධාරින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට අනුව “An insight to Military Doctrine: Mission Command and Leadership Relevance to the Responsibilities of Command” යන තේමාව ඔස්සේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඔක්තෝබර් මස 27 සහ 28 යන දෙදින පුරා පනාගොඩ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර දී පැවැත්විණි.

දෙදින පුරා පැවැති මෙම වැඩමුළුවට නිලධාරින් ක්‍රියාකාරීව සහභාගී වූ අතර එහිදී ඔවුන්ට සිය රාජකාරියට අදාල දැනුම ප්‍රවර්ධනය කරගැනීමට සහ විවිධ හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව උදාවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි, බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, කර්නල් යුද සේවා ලේකම් (ලේඛන හා සම්බන්ධිකරණ) කර්නල් සුජීව රත්නායක, ඉදිරි දර්ශන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අංශයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I ලුතිතන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මාණ්ඩලික නිලධාරි II (නීති) මේජර් ඩී.සී. ද ඒ දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩමුළුව ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට අනුකූලව, අනාගතයේදී ඇතිවිය හැකි අභියෝගවල ස්වභාවය, ආරක්‍ෂක අවස්ථා, ආපදා සහ සුදානම යනාදිය පිළිබඳව අණදෙන නිලධාරින් දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලදී.