Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 17:45:02 Hours

65 වන සේනාංකයේ භටපිරිස් පාසල් නැවත විවෘත කිරීමට පෙර පාසල් පරිශ්‍රයන් පිරිසිදු කරයි

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මාස 10 කට අධික කාලයක් දිවයින පුරා වසාදමා තිබු පාසල් නැවත විවෘත කිරීමට ප්‍රථම එම පාසල්වල විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ භටපිරිස් වේලන්කුලම් ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරිම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

ඒ අනුව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් මත 651 වන සහ 652 වන බලසේනාවන් යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙමාපියන් සමඟ එක්ව පාසල් වටපිටාව සහ ගොඩනැගිලි පිරිසිදු කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය යටතේ වේලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල, පලිනගර් කුමාරස්වාමි ප්‍රාථමික විද්‍යාලය, නාදන්කන්ඩාල් ප්‍රාථමික විද්‍යාලය, ආලන්කුලම් ප්‍රාථමික විද්‍යාලය, තේරන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසල, අම්බල්පුරම් ප්‍රාථමික විද්‍යාලය, කොල්ලවිල්ලන්කුලම් ප්‍රාථමික විද්‍යාලය, පලිනගර් දමිළ අලගන් පෙර පාසල ඇතුළු තවත් පෙරපාසල් කිහිපයක් පිරිසිදු කෙරිණි.

එම ප්‍රදේශයන්හි එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව පාසල් නැවත විවෘත කරන ලදී. ඒ අනුව, භටපිරිස් විසින් පාසල් පරිශ්‍රයන් විෂබීජහරණය කර නැවත පාසල් විවෘත කිරීම සඳහා පාසල් බලධාරීන්ට සිය සහයෝගය ලබාදුන්හ.

මෙම ශ්‍රමදාන වැඩසටහන් වලින් අනතුරුව එම පාසල්වල ගුරුභවතුන් සහ දරු දැරියන් වෙනුවෙන් පාසල් විදුහල්පතිවරුන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළහ.