Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:04:02 Hours

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දානපතියෙකුගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මින්නේරිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවසක් පසුගිය සිකුරාදා (29) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභී පවුල වෙත භාරදෙන ලදී.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි මින්නේරිය, මහරත්මලේ ප්‍රදේශයේ පදිංචි පී.ජී. රෝහිණි කුමාරි වික්‍රමපාල මහත්මියගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා මුල්‍යමය දායකත්වය එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන ලදී. ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චන්දන හරිස්චන්ද්‍ර ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ඉදිකල මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු කෙටි කාලයක් තුළ අවසන් කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් උෂාන් ගුණවර්ධන, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චන්දන හරිස්චන්ද්‍ර මෙන්ම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය දැක්වූ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.