Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:30:02 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ රාජකාරි අරඹයි

කෝපායි පිහිටි 51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉකුත් බදාදා (27) දින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.