Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2021 07:33:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනයට

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්‍ෂණය යටතේ කළුතර, කරාපිටිය සහ වලස්මුල්ල යන රෝහල් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කළුතර නාගොඩ රෝහල, වලස්මුල්ල රෝහල සහ කරාපිටිය ශීක්‍ෂණ රෝහල වෙත ‘Oxygen Concentrators, Multi para meters, Pulse oximeters’ ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කළහ. මෙම වෙද්‍ය උපකරණ තොගය 612 සහ 613 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් විසින් සංකේතාත්මකව එම රෝහල් බලධාරින් වෙත භාරදෙන ලදී.