Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2021 07:32:00 Hours

යුද්ධ හමුදා භටපිරිස් ඇතාවැටුණුවැවේ ප්‍රධාන ඇල මාර්ගය පිරිසිදු කිරීමට දායකවෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මීටර් 2000 ක පමණ දිගින් යුත් ඇතවැටුනවැවේ ප්‍රධාන වාරි ඇල මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියකට ඉකුත් ඔක්තෝබර් මස 18 වන දින සිය දායකත්වය ලබාදුන්හ. 

මොණරවැව ශ්‍රී මයුරිවාපි විහාරස්ථානයේ විහාරාධිපතිගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන ඇතාවැටුනවැව ‘එක්සත් බෙදුම්ඇල ශ්‍රී හස්ති’ ගොවි සමිතියේ සාමාජිකයින්ගේ ද සහයෝගය ඇතිව භටපිරිස් විසින් සිදුකරන ලදී. මෙම ඇල මාර්ගය මගින් කුඹුරු අක්කර 206 කට ජලය සපයන අතර, මහ කන්නයේ ගොවි පවුල් 206 කට පහසුකම් සපයයි. 

මෙම ශ්‍රමදාන වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ මඟපෙන්වීම යටතේ 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම්ගේ උපදෙස් මත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජේ. ලියනගමගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.