Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2021 07:35:00 Hours

යුද්ධ හමුදා භටපිරිස් උතුරු මැද පළාතේ නිවාස නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස දෙකක් ඉදිකර දෙයි

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි සේවයේ නියුතු බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ භටපිරිස් විසින් නිවාස නොමැති පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකරන ලදී. නව නිවාස දෙක 2021 ඔක්තෝබර් මස 11 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදෙන ලදි.

මෙම නිවාස දෙක ඉදිකිරිම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් පූජ්‍ය උඩුදුම්බර සෝභිත හිමියන් සහ රසිත් මනතුංග මහතා විසින් දරන ලදී.

72 වැනි යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කැකිරාව මොරගොල්ලාගම ප්‍රදේශයේ ජීවත්වන ඩී. එම්. ශාන්ත මහතාට සහ තන්තිරිමලේ රුවන්ගම ප්‍රදේශයේ ජීවත්වන ඒ. රවීන්ද්‍ර රණසිංහ මහතා වෙනුවෙන් ඉදිකරන ලද නිවාස දෙක වෙන් වෙන් වශයෙන් පැවති උත්සවවලදී විවෘත කර නිවාසලාභින් වෙත භාරදෙන ලදී.

නව නිවාස දෙකෙහි ඉදිකිරීම් කටයුතු 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මඟපෙන්වීම යටතේ 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ගේ අධීක්‍ෂණය යටතේ 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් සිදුකරන ලදී.

නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩී.බී.ආර්.ඊ.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.එන්.මඩුගල්ල සහභාගි වූහ.

තවද, එම අවස්ථාව සඳහා 7 වන (ස්වේච්ඡා) සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්, 212 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් සහ ප්‍රතිලාභීන්ගේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.