Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2021 15:00:40 Hours

651 වන බලසේනාවේ මූලිකත්වයෙන් මුලන්කාවිල් ප්‍රදේශයේ විවිධ දූෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිංහ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනාව යටතේ පාලනය වන 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වෙල්ලන්කුලම, මුලන්කාවිල් ප්‍රදේශයේ විවිධ දූෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම නිවස දකුණේ පරිත්‍යාගශීලින් පිරිසකගේ මූල්‍යමය දායකත්වය ඇතිව 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය ඇතිව ඉදිකරන ලදී.

දියණියක් සමග විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන මුත්තු කුමාර් යසීදා මහත්මිය පිළිබඳ 651 වන බලසේනාවේ බලසේනාධිපති වෙත දැනුම්දීමෙන් අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ මඟපෙන්වීම මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉතා කෙටි කාළයක් තුළ සිදුකරන ලදී.

72 වන යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව ඉදිකළ මෙම නිවස හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ සුරතින් විවෘත කර නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය.

එම අවස්ථාවේදී නිවස විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි ආහාර සලාක පාර්සල් 10 ක් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් කේ. අසංක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පවුලේ සාමාජිකයින් සහ නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකළ භටපිරිස් කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගි වූහ.