Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2021 19:13:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නියෝජිත පිරිස පකිස්තානු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සංචාරයක

පකිස්තානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 7 හදාරණ ශිෂ්‍ය නිලධාරින් 13 දෙනෙකු පකිස්ථානයේ කුල්දානා (Kuldana) ප්‍රදේශයේ පිහිටි පාකිස්තානු හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සංචාරයක නිරතවිය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක, උපදේශක නිලධාරින් 4 දෙනෙකු සහ භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පුහුණුව හදාරණ බංගලාදේශ ශිෂ්‍ය නිලධාරියෙකු ද ඇතුලත් විය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයේ රැඳී සිටි කාලය තුළ, පාකිස්තාන භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා හදාරණ නව්ෂෙරා ප්‍රදේශයේ පිහිටි යුද්ධ සැපයුම් බලකා පාසල, රාවල්පින්ඩි ප්‍රදේශයේ පිහිටි පකිස්ථාන ගුවන් හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය, යුද්ධ හමුදා සේවා බලකා මධ්‍යස්ථානය, මූලික සැපයුම් අංශය, මධ්‍යම යුධෝපකරණ ගබඩාව, මධ්‍යම යාන්ත්‍රික ප්‍රවාහන හා ගබඩා, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අංශය ඇතුළු තවත් සැපයුම් ක්ෂේත්‍රයට අදාල ස්ථානවල නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

සති දෙකක කාලයක් පකිස්තානයේ රැඳී සිටි ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දු-පකිස්තාන දේශසීමාවේ අම්රිස්තාර් හා ලාහෝර් ප්‍රදේශය නැරඹීමට මෙන්ම තක්‍ෂිලා නුවර, ගන්ධාර ශිෂ්ටාචාරය සහ නටබුන් ඇතුළු පූජනීය සහ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කළහ.

ත්‍රිකුණාමලයේ පිහිටි භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සැප්තැම්බර් මස 27 දින සිට ඔක්තෝම්බර් මස 7 දින දක්වා පාකිස්තානයේ සංචාරය කළහ.