Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 14:00:00 Hours

21 වන සේනාංකයේ මුලිකත්වයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලකට නව නිවසක්

යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස නොමැති සිවිල් ප්‍රජාව වෙත නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ 212 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ‘ජවයට සවිය’ පදනම සමඟ එක්ව තඹුත්තේගම, ලූණුවැව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ඩී.එම්. කුමුදුනි දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර ඉකුත් සඳුදා (18) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය දියත් කරනු ලැබු මෙම ප්‍රජා ව්‍යාපෘතිය 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මගපෙන්වීම යටතේ 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ ‘ජවයට සවිය’ සංවිධානයේ මූලිකත්වයෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.ආර් අමරසේකරගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදුන්හ.

නව නිවස විවෘත කිරිමේ උත්සවයට 21 වන සේනාංකයේ සේනාංකාධිපති වෙනුවෙන් 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.සී.එස්.ආර් සේනාරත්න සභාගාගි වූ අතර, එම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ද සහභාගී වූහ.

තවද, පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති එම අවස්ථාවට 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 212 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු පිරිසක් සහභාගී වූහ.