Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 14:30:00 Hours

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඟං වතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ ඇතිවු ගංවතුරෙන් හාවාඑළිය, මහින්ද මාර්ගය ජලයෙන් යටවීමත් සමග එහි පීඩාවට පත් සිවිල් වැසියන්ට සහ රාජ්‍ය බලධාරීන්ට සහන සැලසීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්වූහ.

හදිසියේ ඇතිවු මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයෙන් ගංවතුර තත්ත්වය පහව යන තෙක් වාහන ගමනාගමනයට සහ පීඩාවට පත් සිවිල් වැසියන්ට සහයෝගය ලබාදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරනු ලබයි.

ඒ අනුව, සහන සැලසීමේ කටයුතු 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ සහ අනෙකුත් නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.