Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 08:00:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන බලකාධිපති ලෙස ඉකුත් සඳුදා (18) දින බොරැල්ලේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ කාන්තා සෙබළියන් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කළේය.

ඉන් අනතුරුව නව බලකාධිපති සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

පසුව භටපිරිස් ඇමතු නව බලකාධිපති තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.