Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 14:10:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කල තවත් වෛද්‍ය උපකරණ තොගයක් බෙදාදෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ අධීක්‍ෂණය යටතේ අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව ප්‍රදේශවල රෝහල් අතර බෙදාදෙන ලදී.

කොවිඩ් රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලීටර් 10 ක ඔක්සිජන් සාන්ද්‍රණයන්ගෙන් සමන්විත වෛද්‍ය උපකරණ කල්මුණේ මූලික රෝහල, මඩකලපුව ශික්‍ෂණ රෝහල සහ පොලොන්නරුව දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම වෛද්‍ය උපකරණ 231 සහ 241 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන් විසින් සංකේතාත්මකව රෝහල් බලධාරින් වෙත භාරදෙන ලදී.