Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 15:30:16 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් තවත් පාසලක් ප්‍රතිසංස්කරණ කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තවත් එක් සුවිශේෂි දායකත්වයක් ලබාදෙමින් යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස්, මාතලේ දිස්ත්‍රික්කයේ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරන ලද අතර පාසල් භූමිය වටා ඇති බැම්මේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇත.

6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාසල් ක්‍රීඩා පිටිය සකස් කිරීමේ කටයුතු 2021 ජූනි මාසයේදී අවසන් කරන ලද අතර එහි වර්තමාන වැඩ කටයුතු ඉංජිනේරු බලසේනාවේ අධික්‍ෂණය යටතේ 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේයසුන්දර ගේ අධික්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.