Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 09:30:34 Hours

නැගෙනහිර භටපිරිස් විසින් ඉදිකල තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට

සින්නවත්ත සහ සිප්පිමඩු ප්‍රදේශයේ පදිංචි අජිත් සුනිල් ශාන්ත මහතා සහ කුමාර නන්දසේන මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල තවත් නිවාස දෙකක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (12) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදුන්හ.

මෙම නිවාස දෙක ඉදිකිරීම සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය කථිකාචාර්ය හා පෞරුෂ අභිප්‍රේරණ පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතා සහ හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිත ලන්සක්කාර මහතා විසින් ලබාදුන්හ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලුප බණ්ඩාර, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මෙන්ම 4 වන ගැමුණු හේවා බලඇණියේ හා 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගි වූහ.

නව නිවාස ඉදිකිරිම සඳහා නොමසුරු දායකත්වයක් ලබාදුන් යුද්ධ හමුදා භටපිරිස් අගය කරමින් මෙහිදි සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.