Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 11:00:29 Hours

මන්නාරම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙයි

54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (16) දින මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 75 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

ඒ සඳහා ප්‍රසාද් ලොකුබාලසුරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව විද්‍යාර්ථ විද්‍යාලයේ, රාජකීය විද්‍යාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් මුල්‍යමය දායකත්වය ලබාදුන්හ.

එම වැඩසටහන අතරතුරදී, මන්නාරම ප්‍රදේශයේ විහාරස්ථාන වෙත විශේෂ වියලි සලාක පාර්සල් පූජා කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.ඩි. විජේසේකර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

වියලි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.ඩි. විජේසේකර, 542 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ කර්නල් සම්බන්ධිකාරක නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා ඇතුළු පරිත්‍යාගශීලින් මෙන්ම ප්‍රතිලාභින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.