Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 09:00:29 Hours

231 වන බලසේනාවේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් අතර කහ පැළ බෙදාදෙයි

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුව, තිරයමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 30 ක් අතර කහ පැළ 600 බෙදාදෙන ලදී.

තිරයමඩු ගම්මානයේ ජිවත්වන සිවිල් වැසියන්ගේ ගෙවතු වගාව ප්‍රවර්ධනය කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

මෙම අවස්ථාවට 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 4 වන ගැමුණු හේවා බලඇණියේ ‘ඒ’ කණ්ඩායමේ නිලධාරි අණදෙන ඇතුළු එම ඒකකයේ භටපිරිස් සහභාගි වූහ.