Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 09:50:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ඉදිකිරීමට යෝජිත සුභසාධන වෙළඳසැලට මුල්ගල් තබයි

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිත නව සුභසාධන වෙළඳසැල සඳහා පසුගිය අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් මුල්ගල් තැබුවේය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

මීට අමතරව, ඉදිකිරීමට යෝජිත වෙළඳසැල් සංකීර්ණයේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය. ඉන් අනතුරුව, එතුමන් සියළු නිලධාරින් අමතමින් සුහදව අදහස් හුවමාරුවක් සිදුකළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගි වූහ.